Sunday, October 9, 2011

6-11 ශ්‍රේණි
ගණිතය
වජිරපානි අරවින්ද
(National Diploma in Teaching-Trained Teacher)

  • වසර 30ක සේවා කාලයක් සහිත ප්‍රවීන පාසල් ගුරුවරයෙකි.
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරුපත්‍ර පරීක්ෂකවරයෙකි.
  • සෑම දිනකම පොත් බැලෙන පන්තියකි.
  • මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරය සහිත නවීන තාක්ෂණය භාවිතාවන පන්තියකි.
  • වායුසමනය කළ පන්ති කාමරයකි.
ඔබේ පන්තිය තෝරාගන්න...

Grade 6

Grade 7

Grade 8

Grade 9

Grade 10

Grade 11


ඉගැන්වීම සතුටකි. සතුටුදායක රැකියාවකි. සිසුන් ඉතා හොඳින් සමත් වනවා දකිමි. සතුටු වෙමි.

උදෑසන 5ට අවදි වෙමි. උදෑසන 6.15 වන විට පාසලට යමි. අප පාසලේ අ.පො.ස සා/පෙළ සඳහා ඉගැන්වීම් කටයුතු උදෑසන 6.30ට ඇරඹේ.

1.30ට පාසල අවසන් වේ. නිවසට එමි. නැවත පන්ති සඳහා යමි.


මම............
@වසර 30ක පලපුරුද්දක් සහිත, පාසල් ගුරුවරයෙකු වෙමි.
*1992-1995 ම.ම.වි. ගිනිගත්හේන
*1995-2005 ඉසිපතන වි.-කොළඹ 5
*2006-2011 තර්ස්ටන් වි.-කොළඹ 3
*2011- අනුලා වි.-නුගේගොඩ
                                                    එම පාසල් වේ.

@අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරුපත් පරීක්ෂකයෙකු වෙමි. නොකඩවා සෑම වසරකම ඊට සහභාගී වෙමි.

@සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයෙහි වසර 3ක (1988-1991) ගුරු පුහුණුව ලැබූවෙකු වෙමි.

එබැවින් මම පන්ති පැවැත්වීමට සුදුස්සෙකු වෙතැයි සිතමි.

ගණිතය ඉගෙනීමට ඔබ අමතර පන්ති යා යුතුද?

නැත. පාසලෙහි ඉගැන්වීම ප්‍රමාණවත්ය. සෑම දිනකම ඉගෙනගත් දේ එදිනම නිවසේ දී පුනරීක්ෂණය කරන්න. නො වැටහෙන දේ වේ නම් පසු දිනම පාසලේ ගුරුවරයාගෙන් විමසන්න.

නමුත් විශේෂ අවශ්‍යතා මත පන්ති යාමට ඔබට සිදුවිය හැක.
*ඔබ ගණිතයට දුර්වල වීම
*පාඩම් පාසලේදී අතපසු වීම
*ඔබ විශේෂ දක්ෂතා පෙන්වන්නෙකු බැවින් ඔබට පාසල් පෙළපොත ප්‍රමාණවත් නොවීම
ඉන් කීපයකි.